ආදරේ දෝරේ ගලන තවත් එක් හදවතක කතාවක්
එදා මුලින්ම ඔයාව දැක්කාම කොහෙදෝ තියෙන ලෙන්ගතුකමකින් හද වෙලා ගත්තා. දැනුනේ කාලෙක ඉඳන් දන්න අඳුනන කෙනෙක් ගානටයි. ඒත් අපිටවත් නොදැනි අපි ලංවුන හැටි, හොද යාලුවො වුන හැටි, ආදරේ කරපු හැටි මම හිතන්නෙ අද මට විතරයි මතක. ඒ හැමදේම අතීතයට එක්කරලා කිසිම දෙයක් මතක නැති හැටියට ඔයා දුරස්වෙලා ඉන්න විදිහෙන්ම මේවට සාක්ෂි දෙනවා. ඔයාට කියව ගන්න බැරිවුන මේ හද දැන් බොඳවේගන යනවා. ජීවිතය නිසොල්මන්ව ගමන් කරන හැටියට මට මං ගැනම දැන් දුක හිතෙනවා. ඒ මොන දේ වුනත් ඔයාට තියන ආදරේ නම් දවසින් දවස දළුලනවා අඩුවක් නම් වෙන්නේ නෑ එක මොහොතකටවත්. හද ගැහෙන වාරයක් වාරයක් පාසා ඔයා විතරයි මතකෙට එන්නෙ මැට්ටි. ඒ හැම මොහොතකටම ඔයාගේ වචන සවන්පත් දෙවනත් කරනවා. කොච්චර දුරස් වෙන්න අමතක කරන්න හිතුවත් මගේ මතකයේ ඔයා ඇරෙන්න වෙන කිසිදෙයක් නෑ. මේ කළුවර යාමයේ තනිකම සීතලෙන් ගුලි කරන් නෙතු පියන්නට මා පොර බඳිනවා. ඒත් මේ අකීකරු දෑස නිදිවරාන ඔයාව දකින්න පොර බදිනවා. ඔයා අයෙත් එන්නේ නෑ කියලා හිතුවත් කිවුවත් මේ හිත, දෑස් පිළිගන්නේ නෑ. දකින්න හිතන්න පතන්නේ ඔයා ගැනම විතරයි.
කියන්න මම මොනවද කරන්න ඕනේ. මේ ජීවිතේට දරාගන්න බැරි දුකක් ලං කරලා ඈත්වුන ඔයාව දකින්න ආදරේ කරන්න මේ හිත පෙරුම් පුරන තරමක් ඔයා දන්නවනම්.
සමහර විට මේ ජීවිතයේ කොතනකවත් නොනැවතුන මේ හද ඔයා ලඟින් නැවතුනේ මේ දුක විදින්නම වෙන්න ඇති. ඒත් කමක් නෑ ඔයා වෙනුවෙන් මේ බොළද හදින් දුක විතරක් නෙමේ ඕනම දෙයක් දරාගෙන විඳගෙන ඉන්නම්. සත්තයි කවදාවත්ම ඔයා ගැන තරහක් ගන්නේ නෑ මේ හිත ඒ තරමටම ඔයාට ආදරෙයි. වචන වලින් කියලා නිම කරන්න බැරි තරමට ආදරෙයි. වෙලාවකට ආදරෙයි ආදරෙයි කියලා මේ මුළු ලෝකෙම දෙදරන්න කෑ ගහලා කියන්න හිතෙනවා. ඒත් ඒ එක වචනයක්වත් ඔයාට ඇහෙන්නේ නැත්නම් මගේ ආදරේ නිකම්ම වචනයක් වෙයි. නමුත් මේ ආදරේ ඔයාට අද නොදැනුනාට කවදමහරි දැනෙන දවසක් ඒවී. එදාට සමහර විට ඔයා ගොඩක් පරක්කු වැඩි වෙයි. ඒ මොනව වුනත් මේ ආදරේ ඔයාට දැනෙන දවස එනකම් මම බලන් ඉන්නවා. ඒ ඔයාට දුකක් දෙන්න නෙවෙයි. මේ හිත ඔයාට කොච්චර ආදරේ කලාද කියලා ඔයාගේ ඔය හිතට දැනෙන්න දෙන්න ඕන නිසයි. මොනවා හිතුවත්, පැතුවත් ඔයාගේ සතුට තරම් වටින දෙයක් නම් මේ හිතට තවත් ඇත්තෙම නෑ. ඔයාගේ ඒ සතුට වෙනුවෙන් මේ ලෝකෙම තියෙන හැම දුක් කන්දරාවක්ම වුනත් මේ හිතින් උහුලගෙන ඉන්නම්. ඒ ඔයා මගෙ ජීවිතේ නෙවෙයි මගෙ මුළු ආත්මයම නිසයි.
කියන්න ඔයාට දැනෙනවද මේ හිතේ ආදරේ. කල්ප ගානක් තිස්සේ ඔය ආදරේ ලබන්න පෙරුම් පුරන මේ හිතේ ආදරේ දැනෙනවද කියන්න.
හැම භවයෙහිම වගෙ මේ භවයෙත් මට ඔය ආදරේ අහිමි වුනා. ඒ මගෙ අකුසල තාම ඉවර නැති නිසා වෙන්න ඇති. ඒත් මේ භවයෙදි ඒ හැම අකුසලයක්ම ඉවර කරගෙන ඊලග භවයෙහිවත් ඔයාගෙම වෙලා ඔය ආදරේ ලබන්න මම පෙරුම් පුරනවා. මේ මුළු ලෝකෙම ලැබුණත් ඔය ආදරේ තරම් නම් ඒ කිසිම දෙයක් වටින්නෑ. සත්තයි මේ හිත ඔය ආදරේට මහ හුගක් ලෝභයි.
නිමා වුවත් මේ ජීවිතේ
නිමා නොවේ මේ ආදරේ
සෙනෙහෙ පිරුණු අතීතයේ
සක්මන් කරයි මේ පපු තුරේ
අසරණයි කියා නුඹ
තනි කලත් මා දිවි කතරේ
විදෙව්වත් මා ඒ වේදනාවන්
තරහක් නෑ නුඹ කෙරේ
නැවතුනත් මේ හද ගැස්ම
නුඹටයි රත්තරනේ ආදරේ...
ඇත්තටම ඔයාව මතක්වෙන ගොඩක් වෙලාවට අමතක කරන්න හිතුවේ ආදරේ නැති නිසා නෙමෙයි. මට ජීවත් වෙන්න ඕන නිසා. මොකද ඔයාව මතක් වෙන හැම වෙලාවකම නෙතින් කඳුලක් නොවැටුනත් හද තැවෙන තරමට මට මාවම එපාවුනා. නමුත් දන්නවද හැමදාම ඔයාව අමතක කරන එක මට හීනයක් වගේ.
මේ දුක, වේදනාව, පාළුව දරා ගන්න හයිය ඔය එක හිනාවකින් ගන්න පුළුවන්. පුළුවන් හැම වෙලාවටම කාටත් නොපෙනෙන්න කඳුලු හලන්න මේ නෙත් දෙකට ඉඩ හරිනවා. මේ නෙත්වලට දරාගන්න බැරි තරමට කඳුලු හලනවා. ඔයාව අමතක කරන්න බැරි නිසා ඒ ලස්සන දවස් ගැන හිතලා සතුටු වෙන්න හිතනවා ඒත් ආයෙම කවදාවත් ඔයාව දකින්න වෙන එකක් නෑ කියලා හිතෙනකොට නම් මැරෙන්න තරම් හිතෙනවා. මේ පුංචි කාලෙට දරන්න බැරි මහ හුගක් දුක් කන්දරාවක් මම ඉහිලුවා. ඵක මොහොතකට හරි මේ හිත සනසවන්න ඔයාට පුළුවන් වුනානම්.
කමක් නෑ ඔයා කොහොමවුනත් මේ හිත හැමදාම ඔයාට ආදරේ කලා කියලා විතරක් මතක තියා ගන්න. ආදරේ වෙනුවෙන් තැවෙන මේ හිත හදන්න ඔයා ආයෙත් එන එකක් නෑ සමහර විට ඒත් මම පතන්නේ නෙතු පියවෙන්න කලින් එක් වරක් ඔය ඇස් දෙක දකින්න ලැබන්න කියලා විතරයි. ඒ මගේ අවසන් පැතුමයි. මේ හිත ඒ තරමටම ඔයාට ආදරෙයි. දවසක මේ ඇත්ත ඔයා තේරුම් ගනී. මේ ආදරේ තේරුම් ගනී.
සත්තමයි ආදරෙයි මේ හිත මහ හුගක් ඔයාට ආදරෙයි.
ලොකු හිතක් තිබුනේ නම් නෑ මෙමට
නුමුදු ඒ පුංචි හිතටත් වඩා ලොකු
ආදරයක් තිබුණා නුඹහට
මටත් වඩා වටින දෙයක්
ඇති නිසා වෙන්නැති නුඹහට අද
වෙන්ව යන්නේ මගෙන් ඈතට
පෙරමෙන් ආදරය කල කාලයක් හදට
නොවුනමුත් අපහට මින්මතු
ඉතිරිවු මතකය ඇති මෙමට
කම් නෑ රත්තරනේ අද නුඹ ගියාට
නෙතු පියවෙන්න පෙර ඵකවරක්
යලි මා සොයා එන්න....
ආදරේ දෝරේ ගලන තවත් එක් හදවතක අරුම...........
............ ෴ .........
මගේ ආදරය
Sunday, February 26, 2017
Friday, September 30, 2016
ඔය ඇස් මා ළග නැවතුනු දා
හිත දැන් ඔබගේ වෙලා
රහසේ තුරුලේ සැතපීලා
ඉන්නම් මියෙනා තුරා
මොහොතක් පාසා ඔබමයි ඕනා
සසරේ සැමදා ඔබමයි පැතුවේ
මේ හිත ඔබ කෙරෙහි යා උනා සදා
හිත දැන් ඔබගේ වෙලා
රහසේ තුරුලේ සැතපීලා
ඉන්නම් මියෙනා තුරා
මොහොතක් පාසා ඔබමයි ඕනා
සසරේ සැමදා ඔබමයි පැතුවේ
මේ හිත ඔබ කෙරෙහි යා උනා සදා
ඉන්නම් ඔබෙ ළග මා
හැම බවයේ අපි අපෙ වේවා
වෙන්නම් ඔබෙ ලොව මා
හැම තිස්සේ ඔබ ළග වේවා
හැමදා හමුවී සැනසෙන්නම්
මුලු ලොව මාගේ ඔබ නිසා
පපුවට මාගේ උනුහුම දී ඉනු මැන
මට තව ලන් වෙලා
ඔබ ගාව පැතු ඒ මගේ
ජීවිතයම තියලා
මගෙ පණ ටිකම දෙන්නම් මගෙ සන්සාරේ .........
හැම බවයේ අපි අපෙ වේවා
වෙන්නම් ඔබෙ ලොව මා
හැම තිස්සේ ඔබ ළග වේවා
හැමදා හමුවී සැනසෙන්නම්
මුලු ලොව මාගේ ඔබ නිසා
පපුවට මාගේ උනුහුම දී ඉනු මැන
මට තව ලන් වෙලා
ඔබ ගාව පැතු ඒ මගේ
ජීවිතයම තියලා
මගෙ පණ ටිකම දෙන්නම් මගෙ සන්සාරේ .........
Tuesday, September 27, 2016
Wednesday, September 14, 2016
Subscribe to:
Posts (Atom)