Friday, September 30, 2016


ඔය ඇස් මා ළග නැවතුනු දා
හිත දැන් ඔබගේ වෙලා
රහසේ තුරුලේ සැතපීලා
ඉන්නම් මියෙනා තුරා
මොහොතක් පාසා ඔබමයි ඕනා
සසරේ සැමදා ඔබමයි පැතුවේ
මේ හිත ඔබ කෙරෙහි යා උනා සදා
ඉන්නම් ඔබෙ ළග මා
හැම බවයේ අපි අපෙ වේවා
වෙන්නම් ඔබෙ ලොව මා
හැම තිස්සේ ඔබ ළග වේවා
හැමදා හමුවී සැනසෙන්නම්
මුලු ලොව මාගේ ඔබ නිසා
පපුවට මාගේ උනුහුම දී ඉනු මැන 
මට තව ලන් වෙලා
ඔබ ගාව පැතු ඒ මගේ
ජීවිතයම තියලා
මගෙ පණ ටිකම දෙන්නම් මගෙ සන්සාරේ .........



Tuesday, September 27, 2016

පව්කාර මේ හිත
අසරණයි අද
නොවැටහේ ඔබ
මා තනි කල හේතුව
ඇති යමක්
ඔබ හද රිදවන
කම් නැත
ඔබ තුටින් නම්
එපමන....

Wednesday, September 14, 2016

ඇයි නොතේරුම් මේ තරම්
කෙලෙසද වාවන්නෙ දුක හිර කරන්
ඔබ නැති ලෝකය මට අපායක්
ගෙන එන්න නැවත මා වෙත සුරපුරක්