හිත පුපුරු ගහන
මේ වේදනාවට
දෑස් රිද්දන
මේ වේදනාවට
ඔය සිනහවෙන්
බිදක් දෙනවද
සුව කරගන්න
මේ අසරණ හදවත.....
කැමේලියා මල් සුවදට
සද කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ද දෑස මේ ඔබමද
සින්ඩරෙල්ලා....
සකුන ගීය සැගවී යන විට
පලා පැහැයෙ කළු තවරා
සැදෑ අදුර ගේන පවන
වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින
සින්ඩරෙල්ලා....
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිදු සේල සළුවෙන්
වළාකුළින් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා......