Friday, July 15, 2016

කැමේලියා මල් සුවදට
සද කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ද දෑස මේ ඔබමද
සින්ඩරෙල්ලා....

සකුන ගීය සැගවී යන විට
පලා පැහැයෙ කළු තවරා
සැදෑ අදුර ගේන පවන
වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින
සින්ඩරෙල්ලා....

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිදු සේල සළුවෙන්
වළාකුළින් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා......



No comments:

Post a Comment