Sunday, October 9, 2016

යන්නට
හැකිනම්
අතීතයට
සත්තයි
වෙනස්
කරනවා
ඔබෙ
වෙනුවෙන්
මගෙ
මුළු
ජීවිතයම.....

Friday, September 30, 2016


ඔය ඇස් මා ළග නැවතුනු දා
හිත දැන් ඔබගේ වෙලා
රහසේ තුරුලේ සැතපීලා
ඉන්නම් මියෙනා තුරා
මොහොතක් පාසා ඔබමයි ඕනා
සසරේ සැමදා ඔබමයි පැතුවේ
මේ හිත ඔබ කෙරෙහි යා උනා සදා
ඉන්නම් ඔබෙ ළග මා
හැම බවයේ අපි අපෙ වේවා
වෙන්නම් ඔබෙ ලොව මා
හැම තිස්සේ ඔබ ළග වේවා
හැමදා හමුවී සැනසෙන්නම්
මුලු ලොව මාගේ ඔබ නිසා
පපුවට මාගේ උනුහුම දී ඉනු මැන 
මට තව ලන් වෙලා
ඔබ ගාව පැතු ඒ මගේ
ජීවිතයම තියලා
මගෙ පණ ටිකම දෙන්නම් මගෙ සන්සාරේ .........



Tuesday, September 27, 2016

පව්කාර මේ හිත
අසරණයි අද
නොවැටහේ ඔබ
මා තනි කල හේතුව
ඇති යමක්
ඔබ හද රිදවන
කම් නැත
ඔබ තුටින් නම්
එපමන....

Wednesday, September 14, 2016

ඇයි නොතේරුම් මේ තරම්
කෙලෙසද වාවන්නෙ දුක හිර කරන්
ඔබ නැති ලෝකය මට අපායක්
ගෙන එන්න නැවත මා වෙත සුරපුරක්

Wednesday, August 10, 2016

සිර කල සිතුවිලි
කලබයි හද යලි
කෙලෙසද ඉන්නේ
හිනැහී මන් යලි

Monday, August 1, 2016



පෙර බවකදි අපි අපේ වන්නැති
එනමුදු ඒ බව මා ඔබට දුක් දෙන්න ඇති
ඒ නිසයි මේ බවෙ ඔබ මුණගැසුනත්
සිත් වේදනා මා හට උරුමැති



දන්නවද ...? 

ඔය මුවේ මැවුනු හිනාවට සම කරන්න 
කිසිම හිනාවක් නැහැ... පුංචි හුරතලී ..
ලස්සනට  පායන හද බලන්න පුංචි ළමයි  
හරි ආසයි .... මමත් පුංචි ළමයෙක් 
වෙනව " හැබැයි... හද බලන්න නෙමේ 
ඔයාගෙ අහිංසක හිනාව දකින්න .. ඒක හිතට
සොදුරු සුවයක්...ඔයාගෙ පින් පාට මුහුන හරහ  
අත හරින රැලි කොන්ඩය මනස්කාන්ත දසුනක් 
හරියට සුන්දර දියතුරක් වගේ.... අවිහිංසක 
ඔය දෑස හිත සනසන බාවනාවක් වගේ... 

ඔව් ' මා හට  සොදුරු ඔබ සොදුරු උමතුවක්
සිත නිවන බාවනාවක්................
...................

වාවනු කෙසේ  මා
ඔබ නැති සෝකය
උහුලනු බෑ හදෙහි වූ
ඇවිලෙන ප්‍රේමය
ඉන්නේ කෙලෙසද
ඔබ ඔය ලෙස
හැකිනම් මටත් 
කියාදෙන්න 
ඔබ සේ දුක් සුසුමන්
දරාගන්න 


Thursday, July 28, 2016

හිත පුපුරු ගහන
මේ වේදනාවට
දෑස් රිද්දන
මේ වේදනාවට

ඔය සිනහවෙන්
බිදක් දෙනවද
සුව කරගන්න
මේ අසරණ හදවත.....

Friday, July 15, 2016

කැමේලියා මල් සුවදට
සද කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ද දෑස මේ ඔබමද
සින්ඩරෙල්ලා....

සකුන ගීය සැගවී යන විට
පලා පැහැයෙ කළු තවරා
සැදෑ අදුර ගේන පවන
වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින
සින්ඩරෙල්ලා....

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිදු සේල සළුවෙන්
වළාකුළින් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා......